ත්රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට
නීති කොතරම් දැඩි කළද දිනෙන් දින සිදුවන අනතුරුවල අඩුවක් නැහැ.
අද අලුයම සිදුවූ එවැනි අනතුරකින් එකම පවුලේ මව මියගොස් පියා සහ දැරියක තුවාල ලබා තිබෙනවා.
හොරණ පානදුර මාර්ගයේ කුලුපන ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලැබුවා.
අනතුරෙන් මියගියේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක්. බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ගසක් කපා බිම හෙලීමට යද්දී එම ගසටම යටවී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 73 හැවිරිදි විශ්‍රාමිකයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ. අඩි 50ට වඩා උස ගසක් යන්ත්‍රයකින් කපා ලනුවකින් ඇදීමේ දී එම ගස මෙම පුද්ගලයා මතට වැටී ඇති බවයි පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ.
The post ත්රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට appeared first on ITN News.