කොරෝනා නිසා මිය ගිය ගණන ගැන හෙළිදරව්වක්
කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව වාර්තාගත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් පමණ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට 2023 වසරේ අවසානය දක්වා වයිරසය හේතුවෙන් මිලියන හතකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා සදහන් කරන්නේ.
කෙසේ වුවද වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මිලියන 21කට ආසන්න විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මේ වනවිට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවදානයක් යොමු නොකළද එහි අතුරු ආබාධ හේතුවෙන් බොහෝ පිරිසක් දීර්ඝ කාලීනව පීඩා විදින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේ දී ආසාධිතයින් හා මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් චීනයෙන් හා ඉන්දියාවෙන් නිවැරදි තොරතුරු වාර්තාවී නොමැති බව ද එම සංවිධානය නිවේදනය කරනවා.
The post කොරෝනා නිසා මිය ගිය ගණන ගැන හෙළිදරව්වක් appeared first on ITN News.