කොළඹ ප්රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.
අද සවස 5.00 සිට පසුදින හෙට උදෑසන 8.00 දක්වා පැය 15ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම මෙලෙස අත්හිටුවීමට නියමිතයි.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටිනවා.
The post කොළඹ ප්රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.