මෙරට 76 වැනි නිදහස් දිනයට සමගාමීව රටවල් රැසක සැමරුම් උත්සව
පෙබරවාරි 04 වනදාට යෙදී තිබූ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනයට සමගාමීව රටවල් රැසක ශ්‍රී ලංකා ප්‍රජාව සිය තානාපති කාර්යාල හරහා නිදහස් දිනය සැමරුවා.
ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් සැමරුම වෙනුවෙන් රුසියාවේ දී ද නිදහස් දින උළෙලක් සංවිධාන කර තිබුණා.
එරට ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියගේ මග පෙන්වීම මත එම උළෙල පැවැත්වුණේ මොස්කව් සංස්කෘතික මධ්‍යස්ථානයේදීයි. ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය රුසියානු ජාත්‍යන්තර සහයෝගීතා සංගමය සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් ද මීට එක්ව සිටියා.
ශ්‍රී ලංකාවේ 76 වන නිදහසට සමගාමිව ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී එරට තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් උළෙල දෙකක් පැවැත්වුණා. තානාපති පරිශ්‍රයේ පැවති උත්සවයේදී ජාතික කොඩිය එසවීම ජාතික ගීය සිංහල හා දෙමලෙන් ගැයීම ඇතුළු සම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් සිදු කෙරුණා.
එදින පස්වරුවේ වොෂින්ටන් හි ජෝන් එෆ් කෙනඩි උසස් පාසලේ ශ්‍රවණාගාරයේදී ඇමෙරිකාවේ ක්‍රියාත්මක ලාංකික සංවිධාන 6 ක් එකතුව සංස්කෘතික උළෙලක් පැවැත්වුවා. වොෂින්ටන් තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම උත්සවයට දහසක පමණ පිරිසක් සහභාගී වී සිටියා.
මේ අතර බ්‍රිතාන්‍ය යේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ද ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකාවට, නායකයින්ට හා සියලු වැසියන්ට සෙත් පැතීම ද සිදු කෙරුණා. ශ්
ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම වාර්ෂිකව වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිදු කිරීම විශේෂත්වයක්. බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ඇතුළු පරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මෙරට 76 වැනි නිදහස් දිනයට සමගාමීව රටවල් රැසක සැමරුම් උත්සව appeared first on ITN News.