ඇමෙරිකානුවන් ශ්රී ලංකාවේ සංචාරය සඳහා ආකර්ශනය කර ගැනීමට වැඩපිළිවෙළක්
ඇමෙරිකානුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ආකර්ශනය කරන දැවැන්ත වැඩපිළිවෙළකට වොෂින්ටන් DC තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළුතානාපති අංශ අත ගසා තිබෙනවා.
ඇමෙරිකාවේ ප්‍රධානම මාර්ගගත සංචාරක සමාගමක් වන එක්ස්ෆීඩියා හා කටාර් ගුවන් සේවයේ සහාය ද මේ සඳහා ලබා ගැනීමට තානාපති අංශ ක්‍රියාකොට තිබෙනවා.
එය ජනවාරි 29දා ඇරඔුණ අතර අප්‍රේල් මැද දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම වැඩසටහනට ඩොලර්30,000 සිට 50,000 දක්වා මුදලක් වැයවෙනබවට අනුමාන කෙරෙන අතර කටාර් ගුවන් සමාගම ඊට අනුග්‍රහය දක්වා තිබෙනවා.
මෙම වැඩසටහන හේතුවෙන් ලංකාවේ සංචාරක හෝටල් හා ආශ්‍රිත කටයුතුප්‍රවර්දනයක් අපේක්ෂා කෙරෙනවා.
2023දී තානාපති කාර්යාලය හරහා සිදු කල ප්‍රවර්ධනවල ප්‍රතිළුලයක් ලෙස එම වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කල ඇමෙරිකානුවන් සංඛාව 46,344 ක් දක්වා ඉහළ ගියා.
මෙම වැඩ සටහන තුළින් එම සංඛ්‍යාවතවත් ඉහළ දැමීමට ද අපේක්ෂා කෙරෙනවා.
තවද ඇමෙරිකානු සංචාරකයන් ලංකාවට වැඩිපුර ආකර්ශනය සඳහා මේ වසරේ තවත් වැඩසටහන් රැසක් සැළසුම් කොට ඇති බව දවොෂින්ටන් තානාපති ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
The post ඇමෙරිකානුවන් ශ්රී ලංකාවේ සංචාරය සඳහා ආකර්ශනය කර ගැනීමට වැඩපිළිවෙළක් appeared first on ITN News.