පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව සාර්ථකව ක්රියාත්මක කළ ගුරුවරු 10 දෙනෙක් ඉන්දියාවට
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටේ ආර්ථික ප්‍රවර්ධනය උදෙසා ව්‍යවසායකත්ව නායකත්වය පාසල තුලින්ම හදුනාගෙන ඔවුන්ව දිරිමත් කරමින් අනාගත දක්ෂ ව්‍යවසායකයින් බවට පත්කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව අතරින් එම කව සාර්ථකව ක්‍රියාත්මක කරන පාසල්වල ව්‍යවසාය කව බාර ගුරුවරුන් දහ දෙනෙක් හට දින තුනක ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් ලබාදීමට කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු පසුගියදා කටයුතු කළා.
ඒ අනුව පළාත් 9 ම නියෝජනය වන පරිදි තෝරාගත් ගුරුවරුන් දහ දෙනා පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර සංචාරයේදී විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි කර්මාන්තශාලා කිහිපයක්ද නිරීක්ෂණය කිරීමට ගුරුවරුන්ට අවස්ථාව උදාවුණා.
සංචාරය නිම කිරීමෙන් පසුව කර්මාන්ත අමාත්‍යාංශයේදී පසුගියදා (12 දා) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවූ එම ගුරුවරුන් එම අධ්‍යන චාරිකාව තුළින් ඔවුන් ලබාගත් අත්දැකීම් සිය පාසල් වල ව්‍යවසායකත්ව කව ප්‍රගමනය උදෙසා යොදා කරගන්නා ආකාරය පිළිබඳවත්, අමාත්‍යවරයා වෙත සඳහන් කළා.
ගුරුවරුන් පමණක් නොව පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව තුළ සාර්ථකව ඉදිරියට පැමිණෙන පාසල් ව්‍යවසායකයන් තෝරා ගෙන ඉදිරියේදී ඔවුන්ටද විදේශ ව්‍යවසායකත්ව අධ්‍යපන චාරිකා ලබාදීමට කටයුතු කරන ලෙස රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙහිදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නා.
මෙම අවස්ථාවේදී මෙම ගුරුවරුන්, තම පාසල් තුළ මේ වන විටත් ව්‍යවසායකත්ව කව ඉතා සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වන බවත් එම කව වල සිසුන් නිෂ්පාදන කටයුතුවලට යොමුව ඇති අතර සමහර පාසල් ව්‍යවසායකයින් තම නිෂ්පාදන අපනයන වෙළඳපොළට පවා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වෙත කියා සිටියා.
මෙහිදී සිසුන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ කිහිපයක්ද එම ගුරුවරුන් විසින් අමාත්‍යවරයාට පෙන්වා සිටි අතර එම භාණ්ඩවල තත්වය හා නිමාව පිළිබඳව අමාත්‍යවරයාගේ පැසසුම් හිමි වුණා.
පසුගිය වසරේ ජුනි මාසයේ ආරම්භ කරන ලද පාසල් ව්‍යවසායකත්ව කව මේ වන විට දිවයින පුරා පාසල් 300 කට අධික ප්‍රමාණයක ක්‍රියාත්මක වන අතර පාසල් සිසුන් 10 000 කට ආසන්න ප්‍රමාණයක් මෙහි ක්‍රියාකාරීව සිටියි.
මේ වනවිට සමහර පාසල්වල පාසල් මට්ටමින් නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමටද සැලසුම්කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහපෙරුම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අධ්‍යක්ෂිකා රේණුකා ජයලත් , සහකාර අධ්‍යක්ෂ ආචාර්ය සමින්ද රණතුංගගේ යන නිළධාරින් සහභාගි වුණා.
The post පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව සාර්ථකව ක්රියාත්මක කළ ගුරුවරු 10 දෙනෙක් ඉන්දියාවට appeared first on ITN News.