ඖෂධ නියාමනය , සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
ඖෂධ නියාමනය , සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට වෛද්‍ය සැපයුම් අංශය , රාජ්‍ය ඖෂධ සංස්ථාව , රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
ටෙන්ඩර් ක්‍රමවේදය විධිමත් කිරීම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩවම රෝහල්වලට ලබාදීම ඖෂධ ආනයන ක්‍රමවේදය ක්‍රමවත් කිරීම පිළිබඳ මෙහිදි අවධානය යොමු කෙරුණා.
ඖෂධ ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 500කට අධික මුදලක් වාර්ෂිකව වැය කෙරෙනවා.
මෙම වියදම අවම කිරීම සඳහා මෙරටදී වැඩි වශයෙන් ඖෂධ නිෂ්පාදනය සිදුකළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියා.
The post ඖෂධ නියාමනය , සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.