ඉන්දියාවේ වායු දූෂණය වැඩිම නගරය බවට දිල්ලි නගරය පත් වෙයි
2024 ආරම්භයේ දීම ඉන්දියාවේ වායු දූෂණය වැඩිම නගරය බවට දිල්ලි නගරය පත්ව තිබෙනවා.
ඉන්දියාවේ වායු දූෂණය ඉහළම නගර 254ක් නම්කර ඇති අතර ඉන් පළමු ස්ථානයටයි දිල්ලි නගරය පත්ව ඇත්තේ.
බලශක්ති හා පිරිසිදු වාතය පිළිබද පර්යේෂණ මධ්‍යස්ථානය මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.
දිල්ලි නගරයේ වායු ගෝලයේ දූෂිත තත්ත්වය ඉහළ මට්ටමක පවතින අතර උත්සව සමයේ දී තත්ත්වය තවදුරටත් බරපතළ අතට හැරෙන බවයි සමික්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
දිල්ලි නගරයේ වායු ගෝලී තත්ත්වය යහපත් තත්ත්වයට හැරීම සම්බන්ධයෙන් නිසි කාල වකවානු ප්‍රකාශයට පත්කළ නොහැකි බව ද එහි සඳහන්.
දිල්ලි නගරයට පසුව ඉන්දියාවේ වායු දූෂණය ඉහළම නගරය ලෙස බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් නගරය දැක්වෙනවා.
The post ඉන්දියාවේ වායු දූෂණය වැඩිම නගරය බවට දිල්ලි නගරය පත් වෙයි appeared first on ITN News.