මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණයට ආසියා පැසිපික් කලාපීය රටවල් සමඟ තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙළක්
මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණය සම්බන්ධව ආසියා පැසිපික් කලාපීය රටවල් සමඟ තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙළක් ඇරඹීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) යෝජනා කළා.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගි වීමට පැමිණ සිටින කෘෂිකර්ම අමාත්‍යවරුන් හා ඉහළ නිලධාරින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
ඊයේ පස්වරුවේ මෙම සමුළුවට සහභාගි ව සිටින ජපානයේ කෘෂිකර්ම අමාත්‍යNorikasu Suzukiමහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණා.
එහිදී සාකච්ඡා කළ කරුණු අනුව දැනට අප රටේ වී වගාවේ හෙක්ටයාර් එකකට ලැබෙන අවම අස්වැන්න සම්බන්ධව කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙරට කෘෂිකර්මාන්තය සඳහා තවමත් නිසි පරිදි නව තාක්ෂණය යොදා නොගැනීම අස්වනු අඩුවීමට හේතුවක් වී ඇතැයි සඳහන් කළා.
ඊට පිළියමක් වශයෙන් ජපාන කෘෂි තාක්ෂණික හුවමාරු වැඩ සටහනක් ආරම්භ කිරීමට ද අවධානය යොමු වුණා.
අප රටේ වගා කරන අඹ, අන්නාසි වැනි පලතුරු ජපානයට අපනයනය කිරීම සඳහා දැනට පවතින බාධා සම්බන්ධවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ජපානය භාවිතා කරන නව තාක්ෂණික උපක්‍රම මෙරට ගොවීන්ට ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා කළා.
එමෙන්ම මෙරට සුපිරි හෝටල්වල සංචාරකයින් සඳහා යොදා ගන්නා ජපානයේ ඉටි හාල් Sticky Rice ආනයනය සඳහා දැනට පවතින ආනයන සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.
මේ අතර පිලිපීනයේ කෘෂිකර්ම ලේකම් Francisco Tiu Laurel Jr මහතා ඇතුළු නිලධාරින් කන්ඩායමක් සමඟ ද අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.
විශේෂයෙන් පිලිපීනයේ සහල් පර්යේෂණ කටයුතු ඉතා සාර්ථක බැවින් එම පර්යේෂණ විධික්‍රම හුවමාරු වැඩ පිළිවෙළක් සම්බන්ධව ද මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබුවා.
37 වන ආසියා පැසිපික් කළාපීය සමුළුවේ අවසන් දිනය අදයි.
අද දිනය තුළ ද රටවල් හතක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත අතර පැමිණ සිටින කෘෂිකර්ම අමාත්‍යවරු විශාල පිරිසක් හෙට දින (22) බටඅත කෘෂිකාර්මික උද්‍යානය නැරඹීමට එහි යාමට නියමිතයි.
The post මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණයට ආසියා පැසිපික් කලාපීය රටවල් සමඟ තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙළක් appeared first on ITN News.