ශ්රම වාසනා අරමුදල යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන්ට පාසල් උපකරණ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රම වාසනා අරමුදල යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන් 1200ක් සඳහා පාසල් උපකරණ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් පසුගියදා ප්‍රදානය කරනු ලැබුවා.
මෙම වැඩසටහන කොටස් දෙකක් වශයෙන් පැවැත් වූ අතර එහිදී බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ළමුන් 600ක් සඳහා පාසල් උපකරණ ලබාදුන් අතර තවත් ළමුන් 600ක් සඳහා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පාසල් උපකරණ ලබා දීම සිදු කෙරුණා.
මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවාර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියා.
The post ශ්රම වාසනා අරමුදල යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන්ට පාසල් උපකරණ appeared first on ITN News.