ද්විපාර්ශික ගිවිසුම් හේතුවෙන් රේගු කටයුතු ශක්තිමත් – රේගු අධ්යක්ෂ
තහනම් භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමටත් රේගුව රටවල් අතර ද්විපාර්ශික ගිවිසුම් වලට එළබීමත් හේතුවෙන් රේගු කටයුතු ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී බී එස් සී නෝනිස් මහතා පවසනවා.
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රේගු කටයුතුවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
අත්සන් තැබිම සිදුකෙරුණේ රේගු මුලස්ථානයේදියි.
දෙරටේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඊට අත්සන් තැබුවා.
තවත් කිහිපදෙනෙකු මෙහිදි අදහස් ප්‍රකශ කළා.
The post ද්විපාර්ශික ගිවිසුම් හේතුවෙන් රේගු කටයුතු ශක්තිමත් – රේගු අධ්යක්ෂ appeared first on ITN News.