ජපානයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව කොටු වෙයි
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකර සැඟව සිටි කාන්තාවක් මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
51 හැවිරිදි සැකකාරිය කඩවත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ජපානයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 250කට ආසන්න පිරිසකගෙන් රුපියල් කෝටි 100ක් පමණ වංචාකර තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුව ඇය ගනුදෙනුකරුවන් මඟහරිමින් අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශවල සැඟව සිට ඇති අතර ඇයට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචා වැටලීම් ඒකකයට පමණක් පැමිණිලි 180ක් පමණ ලැබී තිබෙනවා.
සැකකාරියට මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 36ක් සහ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූණ ද ඇය විවිධ ප්‍රදේශවලට පළා යමින් සැඟව සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බව පොලීසිය ප්‍රකාශ කළේ.
The post ජපානයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව කොටු වෙයි appeared first on ITN News.