හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් නව ප්රහාර මාලාවක්
ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් නව ප්රහාර මාලාවක් එල්ල කළා.
යේමනයේ හුති ඉලක්ක 18ක් වෙත ඒකාබද්ධ ප්‍රහාර එල්ල කළ බවයි පෙන්ටගනය නිවේදනය කරන්නේ.
ආයුධ ගබඩා සංකීර්ණයක්, ඩ්‍රෝන , ගුවන් ආරක්ෂක පද්ධති, රේඩාර් පද්ධති හා හෙළිකොප්ටර් යානා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.
ඇමෙරිකා බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ප්‍රහාර හමුවේ හූති කැරලිකරුවන් දුර්වල කිරීමට සමත්ව ඇති බව පෙන්ටගනය තවදුරටත් සඳහන් කරනවා.
ඊශ්‍රායලයට හා බටහිර රටවලට අයත් නෞකාවන්ට රතු මුහුදේදී ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කිරීමත් සමඟ හූති කැරලිකරුවන්ට එරෙහි සටන ආරම්භ කිරීමට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය කටයුතු කළා.
The post හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් නව ප්රහාර මාලාවක් appeared first on ITN News.