පැරණි සහ නව දේශපාලනඥයින් සම්මිශ්රණය වුණු සන්ධානයක් අවශ්යයි
පැරණි සහ නව දේශපාලනඥයින් සම්මිශ්රණය වුණු සන්ධානයක අවශ්‍යතාවක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනියේ කැඩපත සංවාදය සමඟ එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා හමුවී ඊයේ සාකච්ඡාවක නිරතවුණා.
අනතුරුව දේශය වෙනුවෙන් එක්වන පියවරක් යෝජනාවලිය ද ජනාධිපතිවරයා වෙත පිරිනැමුනා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රටේ බිද වැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට රජය පසුගිය වසර දෙකක කාලය තුළ මහත් පරිශ්‍රමයකින් ක්‍රියා කළ බවයි.
The post පැරණි සහ නව දේශපාලනඥයින් සම්මිශ්රණය වුණු සන්ධානයක් අවශ්යයි appeared first on ITN News.