How can Sri Lankan charities find international donors and partners?

ඇමැති මනුෂගේ සහ සනත් ජයසූරියගේ ප්රධානත්වයෙන් Galle Cricket Carnival ඇරඹෙයි

- itnnews.lk

ක්‍රිකට් ක්‍රීඩාව ජනතාව අතරට ගෙන යමින්, ගාල්ල දිස්ත්‍රික්කයේ ගම් මට්ටමින් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාතික තලයේ අවස්ථාව විවෘත කරදීම අරමුණු කරගනිමින් පැවැත්වෙන Galle Cricket Carnival හි අවසන් මහා තරගාවලිය අද (25) උදෑසන බද්දේගම කුම්මේ ක්‍රීඩාංගනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක Galle Cricket Carnival හි මූලික අදියරේ තරග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පසුගිය මාස කිහිපය පුරාම පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ජයග්‍රහණය කරනු ලැබූ කණ්ඩායම් අද දිනයේදී පැවැත්වෙන අවසන් මහා තරගාවලිය සදහා සුදුසුකම් ලබා තරග කරනු ලබයි.

අවසන් මහා තරගයට සමගාමීව ජනප්‍රිය ක්‍රිකට් තරු සහභාගී වන ප්‍රදර්ශනාත්මක තරගයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Galle Cricket Carnival ආරම්භ කරමින් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ පැවසුවේය.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, සුපිරි ක්‍රිඩක සනත් ජයසූරිය ඇතුළු ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් එකතු කරගෙන පුන්‍ය කටයුතු වෙනුවෙන් ක්‍රිකට් තරගාවලි පැවැත්වූවා.

කළුතරින් ආරම්භ කරලා, බදුල්ලට ගිහිල්ලා මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ එය පවත්වනවා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා සමඟ එකතුවෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අපි තරග පවත්වනු ලැබුවා.

පසුගිය කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ යම් කිසි පසුබෑමක් ඇතිවෙලා තිබුණ නිසා ක්‍රීඩා ඇමැතිතුමා සහ සනත් ජයසූරියලා වගකීම් භාරගත්තාට පස්සේ ජයග්‍රාහී තැනකට අරගෙන එන්න හැකියාව ලැබී තිබෙනවා.

ඒත් එක්කම දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට අපි කටයුතු කරනවා.

අද දිනයේදී දක්ෂ ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීනුත් මෙතැනට පැමිණ සිටිනවා. එසේ තෝරා ගන්නා ක්‍රීඩකයින් පුහුණු සැසි සදහා යොමු කරලා ජාතික කණ්ඩායමට යොමු කරගැනීමේ වැඩපිළිවෙලකුත් මේ හරහා ක්‍රියාත්මක වෙනවා.

 

The post ඇමැති මනුෂගේ සහ සනත් ජයසූරියගේ ප්රධානත්වයෙන් Galle Cricket Carnival ඇරඹෙයි appeared first on ITN News.

You may also like

- news.lk

The deadline for the Children of Gaza Fund, initiated by President Ranil Wickremesinghe to aid those affected by conflicts in Gaza, has now been extended until May 31, 2024. Originally scheduled to conclude on April 30, 2024, the extension follows a widespread appeal from across the island. Irrespective of background, citizens have rallied behind the President’s call to support this cause.

- news.lk

Finance State Minister Dr. Ranjith Siyambalapitiya yesterday said that the government has taken action to increase the interest of the Employees’ Provident Fund from 9% to 13% in order to benefit 2.7 million employees.

- adaderana.lk

A team of senior geologists from the National Building Research Organization (NBRO) engaged in a special observation of the reactivated landslide-prone area near the Uma Oya Project in Karandagolla today (29).

- adaderana.lk

Minister of Foreign Affairs of Japan Yoko Kamikawa is scheduled to undertake an official visit to Sri Lanka from 04 to 05 May 2024, the Ministry of Foreign Affairs said.

- colombotelegraph.com

[…]The post Classical Erudition Of SWRD Bandaranaike appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Court of Appeals ordered a petition filed seeking to invalidate the recent order issued by the Colombo District Court preventing Minister Wijeyadasa Rajapakshe from functioning as the Acting Chairman of Sri Lanka Freedom Party (SLFP), to be taken up for consideration on May 02.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc