How can Sri Lankan charities find international donors and partners?

තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට අපනයනය කිරීම ඇරඹෙයි

- itnnews.lk

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීම ඊයේ (25) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු වුණා.

තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහල මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙක තුළ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පවතී. ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් අපේ රටේ නිෂ්පාදනය කෙරෙන තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ. තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,පසුගිය වසරේ දී වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයක් විය.

තැඹිලි ශ්‍රී ලංකාවට ආවේණික බෝගයක් වන අතර රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලි තරම් උසස් රසයක් නොමැතිවීම නිසා එම උත්සාහයන් අසාර්ථක වී තිබේ.

මේ නිසා තවමත් මෙරට තැඹිලි සදහා ලෝක වෙළෙදපළ තුළ පවතින ඒකාධිකාරය ශ්‍රී ලංකාව සතුව පවතී. මෙම තත්ත්වයෙන් උපරිම ඵල නෙලා ගැනීම සඳහා තැඹිලි වැවිලි බෝගයක් ලෙස මින් ඉදිරියට වගා කිරීමටත් විශේෂයෙන් මුරුතවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඒ සඳහා යොදා ගෙන තිබේ.

ඒ අනුව දෙවන තැඹිලි වගා ආදර්ශ ගම්මානය වශයෙන් රළුව ගම්මානයේ වගා කටයුතු සදහා තැඹිලි පැළ 1600ක් ඊයේ (25) අමාත්‍යවරයා අතින් ගොවි ජනතාව වෙත බෙදා දුන්නේය. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,

ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වේ. එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක අප රටේ තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1500 සිට 2000 දක්වා වැනි මුදලකටය.

අපේ රටේ තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැත. දැන් තරගය පවතින්නේ අප රටේ ව්‍යාපාරිකයින් අතරය. වසරකට තැඹිලි කන්ටේනර් 200ක් ඩුබායි වෙළෙද පොලට අපනයනය කරනු ලබයි.

දැනට අප රටට තැඹිලි අපනයනයෙන් එක් ගෙඩියකට ලැබෙන්නේ රුපියල් 1000ක් වැනි අඩු මුදලකි. මෙම ප්‍රමාණය රුපියල් 2000ක මට්ටමෙන් පවත්වාගෙන යාමට අපනයනකරුවන් එකඟතාවය පළ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේ දී අප රටේ ප්‍රධාන අපනයන බෝගය තැඹිලි බවට පත්වීම ඒකාන්තයි. දැනටත් ලෝකයේ ඇති ඉහළ ඉල්ලුමෙන් සියයට 02ක්වත් අපිට දෙන්න බැහැ. ඒ නිසා තැඹිලි වගාව රටපුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස තමන් පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

The post තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට අපනයනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The 22nd ASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief was held virtually earlier this week, hosted by Vietnam and co-chaired by Bangladesh, Sri Lanka and Vietnam, and attended by 55 participants from ARF member countries.

- onlanka.com

The National Water Supply & Drainage Board (NWSDB) has announced that a 14-hour water cut will be implemented in several areas of the Colombo District starting from Saturday evening (April 27).The post Multiple areas in Colombo district to experience 14-hour water cut today appeared first on Sri Lanka Breaking News | Latest News | ONLANKA.

- adaderana.lk

US Defense Secretary Lloyd Austin announced on Friday a $6 billion long-term military aid package for Ukraine  the largest to date  which will allow the US to purchase new equipment produced by the American defense industry for the Ukrainian military.

- colombogazette.com

By Easwaran Rutnam The Sri Lanka labour court ruled against the BBC for prematurely terminating the contract of top journalist Azzam Ameen.  Issuing a judgement, the Labour Court ruled that ending the contract of BBC Sri Lanka correspondent Azzam Ameen was unreasonable and unjustifiable. Accordingly, the judge ordered the BBC to pay compensation to the […]

- island.lk

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 27 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces during the morning. Showers or thundershowers may occur at a few places over the coastal areas from Galle to Hambantota via Matara during the morning […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc