පාරම්පරික වෛද්ය වෘත්තිකයන් 32 නෙකුට වෛද්ය සභාවේ ලියාපදිංචිය
පාරම්පරික වෛද්ය වෘත්තිකයන් 32 නෙකු සදහා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට කටයුතු කෙරුණා.
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සදහා සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තියන් පිරිසකටයි මෙලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමුණේ.
මේ සදහා වන උත්සවය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න දේශීය වෛද්‍යක්‍රම පිළිබද ජාතික ආයතනයේදී පැවැත්වුණා.
මෙම වෛද්‍යවරුන් 32නාගෙන් 14 දෙනෙකු පාරම්පරික සර්වාංග වෛද්‍යවරුන් වනවා. කැඩුම් බිදුම් වෛද්‍යවරුන් දස දෙනෙකු / චර්ම රෝග වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
සර්ප විෂ වෛද්‍යවරුන් 5 දෙනෙකු මෙන්ම අක්ෂි වෛද්‍යවරයෙකු සදහා ද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීමටයි කටයුතු කෙරුණේ.
ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post පාරම්පරික වෛද්ය වෘත්තිකයන් 32 නෙකුට වෛද්ය සභාවේ ලියාපදිංචිය appeared first on ITN News.