හඬමින් සිටින කුඩා දරුවාගේ වීඩියෝව සමාජ මාධ්යයට දැමූ ගුරුවරිය ගැන විමර්ශනයක්
හඬමින් සිටින කුඩා දරුවෙකුගෙන් ගුරුවරියක් විසින් ප්රශ්න විමසන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්ය තුළ පුළුල් ලෙස විවාදයකට තුඩු දී තිබේ. මුල් අවස්ථාවේදී දරුවාගේ සුරතල් බව සම්බන්ධයෙන් අදහස් සමග වීඩියෝව හුවමාරු වුවද එහි ඇති බරපතලභාවය සම්බන්ධයෙන් මේ වන විට අදහස් හුවමාරු වෙමින් පවතියි. එමෙන් ම බොහෝ සමාජ මාධ්ය පරිශීලකයන් විසින් එම වීඩියෝව සමාජ මාධ්යට එක් කළ අයට සහ එය සිදුවීම වීඩියෝ කළ ගුරුවරියට විරුද්ධව නීතිය ක්රියාත්මක කළ යුතු බවට අදහස් දක්වා තිබේ.