ඩුබායිවලදී කොටු වුණු මන්නා රමේෂ්
පාතාලකල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් නැමැත්තා ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිය බිරිද සමග මෝටර් රථයකින් සාජා සිට ඩුබායි බලා යමින් සිටිය දීයි පොලිසිය රථය නතර කරන ලෙසට අණකර තිබෙනවා.
ඊට බාධා කරමින් ගමන් කිරීම හේතුවෙනුයි මන්නා රමේෂ් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු ගමන් කළ මෝටර් රථය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි වාහන පරීක්ෂා කිරීමට පොලිසිය උත්සහ දරා තිබෙන්නේ.
මොහු ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවෙකු වනවා. මන්නා රමේෂ්ට එරෙහිව මිනිස් ඝාතන හා ඝාතනවලට තැත් කිරීමේ සිද්ධීන් 10කට වැඩි සංඛ්‍යාවක් ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
ත්‍රී රෝද රථයක නැගී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සදහා යමින් සිටි තරුණයන් 4 දෙනෙකුට පසුගිය සැප්තැම්බර් 20 වනදා තල්දූව ප්‍රදේශයේ දී වෙඩි තබා ඇත්තේ මන්නා රමේෂ්ගේ ගෝලයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව / පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉලුප්පුකඩවායි කදවුරේ නිලධාරීන් සමග එක්ව සිදුකළ මෙහෙයුමක දී මත්පෙති 53000ක් සොයා ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ ලදු කැළෑවක් තුළ මේවා සගවා තිබියදීයි සොයා ගෙන ඇත්තේ.
ත්‍රී රෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සදහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ කාන්තාවක මිය යාමෙන් පසු එම සිද්ධියට සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් 10 වනදා ඇය මෙසේ බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණා.එහි ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය වසරේ මැයි මස 07 වනදා මිය ගියා.
ඇගේ මරණය සැකසහිත බවටයි පවුලේ සාමාජිකයන් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ක්‍රියාත්මක කෙරුණා.
ඒ අනුව මොට ආයුධයකින් ඇයගේ හිසට පහරදී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සදහන් වනවා.
මෙම කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ කාන්තාව මිය ගොස් මාස 10 කට පසු ඇගේ සැමියා අත්අඩංගුවට ගත්තා.
ඌරගස්මං හන්දිය හොරවල කටවල් 05 වේල්ල අසල හිමිකරුවකු නොමැති යතුරුපැදියක් ගිනි තබා විනාශ කර තිබෙනවා.එහි චැසි අංක මකා දමා අංක තහඩු ද ඉවත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පසුගිය 26 වනදා සිදු වූ වෙඩි තැබීමට යොදාගත් යතුරු පැදිය ද මෙය විය හැකි බවයි පොලීසිය පවසන්නේ.
The post ඩුබායිවලදී කොටු වුණු මන්නා රමේෂ් appeared first on ITN News.