Agri Tech 24 කෘෂි තාක්ෂණික දැක්ම මාර්තු 02 සිට 05 දක්වා
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ සියලුම ආයතනවල සහභාගීත්වයෙන් සංවිධානය කෙරෙන Agri Tech 24 කෘෂි තාක්ෂණික දැක්ම මාර්තු මස 02 වන දින සිට 05 දින දක්වා හුංගම බටඅත කෘෂිතාක්ෂණික උද්‍යානයේදී පැවැත්වීමට මේ වනවිට සියලුම කටයුතු යොදා අවසන් කර තිබෙනවා.
නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළ රාජ්‍ය ආයතන විසින් ප්‍රදර්ශන කුටි 65ක් පමණ ප්‍රදර්ශනය කෙරෙන අතර, සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිසැල් 26ක් සහපුද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 35කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශන කටයුතුවල නිරත වෙයි.
මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වනුයේ මේ වනවිට කෘෂිකර්මාන්තය තුළ භාවිත වන නව කෘෂි තාක්ෂණික ක්‍රමවේද ප්‍රදර්ශනය කිරීමයි.
එමෙන්ම එම නව තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩි අස්වැන්නක් ලැබීම, අඩු ජල ප්‍රමාණයක් සහ අවම පොහොර යෙදීම මඟින් ගුණාත්මක කෘෂි නිෂ්පාදන හඳුන්වා දීම, නව බීජ වර්ග හඳුන්වා දීම, බීජ නිෂ්පාදනය, පළිබෝධ හානි වළක්වා ගැනීම වැනි අංශ රැසක් සම්බන්ධව පාසල් සිසුන්, කෘෂි ව්‍යවසායකයින් ඇතුළු මහජනතාවට දැනුම ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කාලය ඉහත කී දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වායි.
තව ද මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය 2024.03.02 දින පෙරවරු 10.30ට හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
The post Agri Tech 24 කෘෂි තාක්ෂණික දැක්ම මාර්තු 02 සිට 05 දක්වා appeared first on ITN News.