ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ දෙන්නේ නැහැ
ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළා.
1967 ඊශ්‍රායල – අරාබි යුද්ධයේදී සුවස් ඇළ වසා දැමීම හේතුවෙන් වසර 10ක් කොළඹ වරායේ මෙහෙයුම් නැවතුණු ආකාරය ද සිහිපත් කළ ජනාධිපතිවරයා මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා සුවස් ඇළ සහ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී අද පෙරවරුවේ පැවති වර්ණ ප්‍රදානෝත්සවය අමතමින්.
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට ජනාධිපති වරණ ප්‍රදානය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය හා අනෙකුත් යුධ නෞකා මඟින් මහ සයුරේ සිදු කළ විචිත්‍රවත් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
මේ අතර නාවික හමුදා කඳවුරේ ලොග් සටහන් පොතෙහි ජනාධිපතිවරයා සටහනක් ද තැබීය.
The post ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ දෙන්නේ නැහැ appeared first on ITN News.