නවක වෛද්යවරුන් 1400ක් දිවුරුම් දෙයි

- itnnews.lk

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඊයේ (02) පෙරවරුවේ පැවැත්වුණා.

මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු වුණා.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහිදී මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද සිදූ කෙරුණා.

එමෙන්ම වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවෙි නිරතවීම පිළිබඳව විශේෂ දේශණ ද පවත්වනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෙය දිගු ගමනක ආරම්භයක් බවත්, සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතු බවයි.

අද වෛද්‍ය විද්‍යාව නුතන තාක්ෂණය සමඟ දියුණුවට පත්ව ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව ද පැවසුවා.

නව ඖෂධ සහ නව තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම හඳුන්වාදීම ද ඉන් ප්‍රධාන වන බව පැවසුවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු දැනට එහි ලියාපදිංචි වී සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අධ්‍යයන හා වෘත්තීය ප්‍රමිතීන්, විනය හා ආචාරධර්ම පවත්වා ගෙන, සෞඛ්‍ය සේවා සපයන්නන් ආරක්ෂා කිරිමේ අරමුණින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි.

මෙහි පාලක සභාවේ පොදු යුතුකම වන්නේ මහජනයා ආරක්ෂා කිරීම සහ වෘත්තියේ කීර්තිය ඉහළ නැංවීමයි.

ක්‍ෂේත්‍රයේ සේවය කිරීම සඳහා විවිධ කාණ්ඩවල සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ වාර්තා පවත්වා ගෙන යාම, ඒවා ප්‍රකාශයට පත් කිරීම සහ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නිර්දේශ කිරිමත් රාජකාරි කටයුතු ඉටු කිරිමේදි වෘත්තීය හැසිරීම සහ වෛද්‍ය ආචාරධර්ම පිළිබඳව උපදෙස් දීමත් ලියාපදිංචි වී සිටින අයගේ ක්‍රියාකලාපයන් නුසුදුසු යැයි පෙනි යන්නේ නම් එම පුද්ගලයන්ට සුදුසු ක්‍රියාමාර්ග ගැනිම යනාදිය පාලක සභාව මගින් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නියෝජනය කරමින් නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

The post නවක වෛද්යවරුන් 1400ක් දිවුරුම් දෙයි appeared first on ITN News.

You may also like

- onlanka.com

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy visit to President Ranil Wickremesinghe on Friday (April 26).The post USDA official collaborates with Sri Lankan President to advance dairy modernization appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Two earthquakes, the largest a 6.1 magnitude, struck Taiwan s eastern county of Hualien on Saturday, the island s weather administration said, with no immediate reports of damage.

- adaderana.lk

President Ranil Wickremesinghe received official handovers of generous financial contributions for the Children of Gaza Fund on Friday morning (26).

- adaderana.lk

Trade Minister Nalin Fernando met with the Egyptian Ambassador Maged Mosleh on Friday (26) at the trade ministry premises.

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers can be expected in parts of the Western, Sabaragamuwa, Central, Southern, North-western and Uva provinces after 2 p.m.

- colombogazette.com

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc