ශ්රී පාද වන්දනාවට ගොස් අතුරුදන්ව සිටි මව සොයා ගැනේ
ශ්‍රී පාද වන්දනාවට ගොස් දින 7ක් පුරා අතරමන්ව සිටි 79 හැවිරිදි මව රත්නපුර එරත්න මාර්ගයේ දී හමුවී තිබෙනවා.
නිරාහාරව සිටි මෙම මව කඩිනමින් රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුණේ.
මැල්සිරිපුර මඩහපොළ පදිංචි 79 හැවිරිදි ජී මෙකෝ නෝනා මාතාව පවුලේ සාමාජිකයන් සමඟ පසුගිය 23 වනදා හැටන් මාර්ග ඔස්සේ ශ්‍රී පාද වන්දනාවට එක්වුණා.
එහිදි ඇය පිරිසගෙන් මගහැරී අතරමන් වු අතර ඥාතීන්ට ඇය සොයා ගැනීමට නොහැකි වුණා.
එම පිරිස මැල්සිරිපුර පොලිසියයට පැමිණ පැමිණි කිරීමෙන් අනතුරුව නල්ලතන්නිය පොලිසිය මේ සම්බන්ධයෙන් ශ්‍රී පාද උඩමළුවේ සිට රත්නපුරේ මාර්ගයේ පිහිටි සියලු පොලිස් මුරපොළ වෙත දැනුම් දීමටයි කටයුතු කෙරුණේ.
කෙසේ වුවද පසුගිය 29 වනදා එරත්න මාර්ගයේ දී මේ මව අතරමන්ව සිටින අයුරු එරත්න විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමක දැක ඒ පිළිබඳව ගම්වාසීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියේ මැදිහත්විම මත කඩිනමින් මේ මව රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුණේ.
ඇය මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ශ්‍රී පාද වන්දනවාට එක්වු තමන් ඥාතීන්ගෙන් වෙන්වූ බවත් ඔවුන් සොයා පහලට බැස ආ බවත් පාර වැරදීමෙන් දින ගණනාවක් කුසගින්නේ මෙසේ සැරි සැරූ බවත් මේ මව කියා සිටියා.
The post ශ්රී පාද වන්දනාවට ගොස් අතුරුදන්ව සිටි මව සොයා ගැනේ appeared first on ITN News.