ආයෝජන අවස්ථා සොයා බැලීමට ඉහළ පෙළේ රුසියානු ආයෝජක පිරිසක් ශ්රී ලංකාවට
ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ඉහළ පෙළේ රුසියානු ආයෝජක පිරිසක් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබදව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (4) කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය හමුවුණා.
සැපයුම්, නැව් නිෂ්පාදන, වරාය යටිතලතල පහසුකම් සංවර්ධන, තොරතුරු තාක්ෂණය, බැංකු හා මූල්‍ය, විශේෂ ආර්ථික කලාප ආදී ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ.
මෙම ආයෝජක පිරිස සාදරයෙන් පිළිගත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මග පෙන්වීම යටතේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳව දූත පිරිස දැනුවත් කර තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් රුසියානු දූත පිරිසේ ප්‍රධානී ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා, රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපර්ශීය වෙළඳ කටයුතු ඉහළ මට්ටමක පවතින අතර රුසියාව ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ රැසක් ආනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා දියුණු වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත් මෙවැනි තත්ත්වයක ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව රුසියානු ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවක් දක්වන බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ ලෝකයේ හොඳම ඛණිජ වැලි ලංකාවේ ඇති බවත් ආයෝජන අවස්ථා රැසක් එහි ඇති බවය.
එසේම ග්‍රැෆයිට්, රොබොටික්, බෝට්ටු හා නැව් නිෂ්පාදනය, රබර් හා ප්ලාස්ටික්, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු , ආහාර පාන යන කර්මාන්ත ක්ෂේත්‍රවලද නව ආයෝජන අවස්ථා පවතින බව පැවසූ ඇය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් සැලසුම් කර ඇති විද්‍යුත් බස් රථ නිෂ්පාදනය පිළිබඳවද රුසියානු ආයෝජක පිරිස දැනුවත් කළාය.
එසේම කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම වසරේ ජුනි 19 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙන “International Industry Expo 2024 Sri Lanka” අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස රුසියානු කර්මාන්තකරුවන්ට හා ආයෝජකයන්ට තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී ආරාධනා කළේය.
මෙම අවස්ථාවේදී රුසියානු දූත පිරිස විසින් වෙනත් රටවල එම පිරිස විසින් සිදුකර ඇති දැවැන්ත ආයෝජනයන් පිළිබඳව ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිස දැනුවත් කරන ලදී.
The post ආයෝජන අවස්ථා සොයා බැලීමට ඉහළ පෙළේ රුසියානු ආයෝජක පිරිසක් ශ්රී ලංකාවට appeared first on ITN News.