කඳානේ මස් කඩ හිමිකරුට වෙඩිතැබීමේ සිද්ධියට 9ක් අත්අඩංගුවට
2023.08.04 දින කඳාන ප්‍රදේශයේ මස්කඩ හිමියෙකු ට වෙඩිතැබීමට යොදා ගත් T56 ගිනි අවියක් සහ උණ්ඩ 45 ක් සහිත මැගසින් දෙකක් සමග සැකකාරියන් තිදෙනෙකු සහ සැකකරුවන් හය දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි හි සැඟව සිටින රසික නොහොත් චූටි මල්ලීට අයත් බවයි එම නිලධාරීන් පැවසුවේ.
පමුණුගම පොලිස් වසමේ පුබුදුගම ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර තිබුණා.
ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පමුණුගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
The post කඳානේ මස් කඩ හිමිකරුට වෙඩිතැබීමේ සිද්ධියට 9ක් අත්අඩංගුවට appeared first on ITN News.