දිවයිනේ ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමේ සැළැස්මක්
අප රටේ තැඹිලි වගාව ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළක් සැකසීමට පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දිවයිනේ තැඹිලි වගාවට සුදුසු ගම්මාන 86ක් තෝරා ගෙන ඇති අතරතැඹිලි ඵලදාවට හේතුවන කරුණු පරීක්ෂා කිරීමකින් පසුව මෙම ගම්මාන තෝරා ගෙන තිබීම විශේෂත්වයක්.
අප රටේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙදපොල තුළ නිර්මාණය වී ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා.
එයට හේතුව අප රටේ තැඹිළිවල රසය හා ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පැවතීමයි.
එමෙන්ම රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලිවල ඇති ගුණාත්මකභාවය ලබා ගැනීමට ඔවුන්ට හැකි වී නැත.එමනිසා අප රටේ තැඹිලිවලට ඇති ඉල්ලුම දිනපතා ඉහළ යමින් පවතිනවා.
වගාවක් වශයෙන් තැඹිලි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (05) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් සංවර්ධන අධිකාරිය මෙන්ම පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරින් ද සහභාගි වුණා.
ඒ අනුව දිවයිනේ ගම්මාන 86ක් තෝරාගෙන ඇති අතර එම ගම්මානවල තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට තීරණය කරනු ලැබුවා.
ඒ අන්දමට ගම්මාන වශයෙන් තෝරාගත්තත් එක් ගම්මානයක වැඩි අක්කර ප්‍රමාණයක් තැඹිලි වගා කිරීමට යම් අයෙකුට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නා.
මේ යටතේ තැඹිලි පැළ හා තාක්ෂණික දැනුම මෙන්ම උපදෙස් නොමිලයේ ලබා දීමට නියමිතයි.
මේ අනුව මොනරාගල ගම්මාන 03ක්, මාතර 01ක්, කුරුණෑගල 08ක්, කුලියාපිටිය 09ක්, කෑගල්ල 08ක්, ගම්පහ 09ක්,කළුතර 10ක්, මාරවිල 09ක්, රත්නපුර 04ක්, හම්බන්තොට 08ක්, අනුරාධපුර 02ක්, ත්‍රිකුණාමලය 02ක්, පොලොන්නරුව 02ක්, අම්පාර 02ක්, මාතලේ 04ක්, ගාල්ල 08ක්, මඩකලපුව 02ක්, යාපනය 03ක්, මහනුවර 04ක් සහ යාපනය ද වශයෙන් ගම්මාන 86 තෝරාගෙන තිබෙනවා.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා තැඹිලි සඳහා අප රටේ ද ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර මිල ගණන් ද ඉහළ ගොස් ඇති නිසා මේ දිනවල තැඹිලි වගා කළ ගොවීන්ගේ අතමිට සරු වී ඇතිබව ප්‍රකාශ කළා.
නමුත් අපනයනය ඉළක්ක කර මෙම වගාවන් ආරම්භ කිරීම මත ගොවීන්ට වැඩි ආදායමක් ලබා ගත හැකි අතර අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් තැඹිලි වතුර වෙළෙදපළට හඳුන්වා දීමට නව තාක්ෂණික පර්යේෂණ සිදු කරන ලෙස ද උපදෙස් දුන්නා.
The post දිවයිනේ ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමේ සැළැස්මක් appeared first on ITN News.