සංවර්ධන ලොතරැයිපත් ජයග්රාහකයින්ට චෙක්පත් ප්රදානය කෙරේ
සංවර්ධන ලොතරැයිපත් ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදානය සහ අලෙවි නියෝජිතයන් ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණා.
දශක හතරක් පුරා වාසනාවේ විශ්වාසය රැකගනිමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ජාතික මෙහෙවර ඉටු කරමින් සිටිනවා.
සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයිනේ විවිධ දිස්ත්‍රික්වලින් බිහි වූ සුපිරි ජයමළු ඇතුළුව රුපියල් ලක්ෂ විස්ස සහ ලක්ෂ දහය ආදී වශයෙන් ජයග්‍රහණ හිමිකරගත් වාසනාවන්තයින් වෙත චෙක්පත් ප්‍රදානය එම ආයතන ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරුණා.
උත්සවය පැවැත්වණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයලත් මහතා ප්‍රමුඛ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙනුයි.
සුපිරි ධන සම්පතින් රුපියල් විසිපන් ලක්ෂයක ජයග්‍රාහකයෙකු වෙත චෙක්පත් ප්‍රදානය ද මෙහිදී සිදු කෙරුණා. ඊට අමතරව අද කෝටිපති, සුපර්බෝල්, ශනිදා ආදී ලොතරැයි පත් තුළින් බිහි වූ ජයග්‍රාහකයින් වෙතද ජයග්‍රාහී චෙක්පත් ප්‍රදානය කළා.
ජයග්‍රාහකයින් දොළොස් දෙනෙකු වෙත රුපියල් එක්කෝටි අනූපන්ලක්ෂයක චෙක්පත් මෙහිදී ප්‍රදානය කෙරුණැ.
මේ අතර ලොතරැයි වෙළෙදපොලේ දිනපතා දිනුම් අදින විශාලතම ජයමල්ල රැගත් කප්රුක ටිකට් පතේ විශේෂ දිනුම් ඇදීමක් බක් මහ වාසි නමින් අප්‍රේල් අටවනදා සිදු කිරීමට නියමිතයි.
රුපියල් කෝටි පනස් එකක් වූ සුපිරි ජයමල්ල සමග රුපියල් කෝටියේ ජය මළු දෙකක්, රුපියල් ලක්ෂ විස්සේ ජයමල්ල සමග රුපියල් ලක්ෂ දෙකේ ත්‍යාග රැසක් හා අමතර ත්‍යාග ද දිනා ගැනීමේ අවස්ථාව සංවර්ධණ ලොතරැයි මණඩලය එමගින් උදා කර දී තිබෙනවා.
රුපියල් සීයක මුදලකට කප්රුක බක්මහ වාසි ලොතරැයි පත අලෙවි කෙරෙනවා.
නව ලොතරැයි පත වෙළෙදපොළට නිකුත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරුණා.
ඒ එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරීත්වයේ මූලිකත්වයෙනුයි.
The post සංවර්ධන ලොතරැයිපත් ජයග්රාහකයින්ට චෙක්පත් ප්රදානය කෙරේ appeared first on ITN News.