එකවරම රියදුරා සිහිසුන් වෙලා – සෙනගත් සමගම බස් රථය ගරාජයකට කඩාවැදිලා
පුද්ගලික බස් රථයක රියදුරුට හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී තිබෙනවා.
අද(07) උදෑසන මෙම පුද්ගලික බස් රථය වව්නියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අඟලුම් හලකට සේවකයින් රැගෙන යමින් සිටි අතරතුරදී 40 කට ආසන්න සේවකයින් සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි මෙම බස් රථයේ රියදුරු එක්වරම රෝගී වී තිබෙනවා.
එහිදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව ධාවනය වෙමින් තිබූ ප්‍රදේශයේම පාරෙන් ඉවතට පැන නිවසක් සහිත ගරාජයක කඩාවැදී තිබෙනවා.
අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබන බව සඳහන්.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩි දුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට ද කටයුතු කර තිබෙනවා.
The post එකවරම රියදුරා සිහිසුන් වෙලා – සෙනගත් සමගම බස් රථය ගරාජයකට කඩාවැදිලා appeared first on ITN News.