මුරුගන් එංගලන්තයට යන්න අවස්ථාව ඉල්ලයි
හිටපු ඉන්දීය අග්රාමාත්ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වී සිරගතව සිට 2022 දී නිදහස ලැබූ වී. ශ්රී හරන් නොහොත් මුරුගන්, තමාට එංගලන්තයට යාමට අවශ්ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.