සෙවනගල සීනි සමාගමේ උක් ගොවීන් ආරම්භ කළ විරෝධතාව අවසන්
සෙවනගල සීනි සමාගමේ උක් ගොවීන් ආරම්භ කළ විරෝධතාව අද පස්වරුවේ අවසන් කළා.
සීනි සමාගමේ පාලනාධිකාරිය විරෝධතාවට එක්ව සිටි ගොවීන් කිහිප දෙනෙකු සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම විරෝධතාව අවසන් වී ඇත්තේ.
සෙවනගල උක් ගොවීන්ගේ අස්වනු කුණු කොල්ලයට මිලදි ගැනීමත්, මේ වන විටත් රුපියල් කෝටි හයහමාරකට අධික වටිනාකමින් යුත් උක් තොග විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවත් පවසමින් මෙම ගොවීන් විරෝධතාවක නිරත වී සිටියා.
සෙවනගල සීනි සමාගමේ සේවකයින් 2023 වසරට අදාළ ලාභාංශ ලබා නොදීමට එරෙහිව විරෝධය පළ කරමින් පසුගිය පස්වනදා සිට උක් ඇඹරීමෙන් ඉවත්ව සිටියා. මේ හේතුවෙන් උක් ගොවීන් දැඩි අපහසුතාවට පත් වූ අතර නෙලා ගත් අස්වනු සමාගමට ලබා දීමටද නොහැකි වී සිටියා.
The post සෙවනගල සීනි සමාගමේ උක් ගොවීන් ආරම්භ කළ විරෝධතාව අවසන් appeared first on ITN News.