ඉන්දීය මහකොමසාරිස් මහජන ආරක්ෂක ඇමති හමු වෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණ.
දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳ මෙහිදී අවධානය යොමු විය.
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ප්‍රකාශ කළේ දෙරට අතර පවතින සුහදත්වය සහ ඉන්දියාව ශ්‍රීලංකාවේ මිතුරු රටක් ලෙස සැමවිටම කටයුතු කරන බවයි.
The post ඉන්දීය මහකොමසාරිස් මහජන ආරක්ෂක ඇමති හමු වෙයි appeared first on ITN News.