ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ
ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.
ලබන අප්‍රේල් 19 වන දින ඉන්දීය මහ මැතිවරණය ආරම්භවීමට නියමිත අතර එය අවසන් වන්නේ ජුනි පළමුවනදායි.
මැතිවරණ ප්‍රතිඵල ජුනි 4 වනදා නිකුත් කරන බව ඉන්දීය මැතිවරණ කොමිසමේ ප්‍රධානී රජීව් කුමාර් විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 968ක් පමණ සුදුසුකම් ලබා සිටින බවයි ඔහු පවසන්නේ.
පසුගිය මැතිවරණයට සාපේක්ෂව සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 150කින් පමණ ඉහළ ගොස් ඇතිබවයි මැතිවරණ කොමිසමේ ප්‍රධානියා මෙහිදී කියාසිටියේ.
ලොව විශාලතම මැතිවරණය ලෙස ද ඉන්දීය මැතිවරණය සැලකෙනවා.
ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543ක් සඳහා නියෝජිතයින් මෙහිදී තෝරා ගැනීමට නියමිත අතර රජයක් පිහිටුවීමට නම් තරගවදින පක්ෂ ආසන 272ක් ජයග්‍රහණය කළ යුතු වනවා.
මෙවර මැතිවරණයෙන් ද භාරතීය ජනතා පක්ෂය පහසු ජයග්‍රහණයක් හිමිකර ගනිමින් තුන්වන වරටත් නරේන්ද්‍ර මෝදි එරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වනු ඇතිබවටයි දේශපාලන විශ්ලේෂකයින් මත පළකරන්නේ.
The post ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ appeared first on ITN News.