රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්රියාමාර්ගය අදත්
රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය 4 වන දිනටත් අද ක්‍රියාත්මක කෙරෙනවා.
අතිකාල සේවා වලින් ඉවත් වෙමින් මෙම සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටිනවා.
පසුගිය සිකුරාදා රේගු වෘත්තීය සමිති කීපයක් අතිකාල සේවාවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින ගිනුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළකරමින්.
තම ඉල්ලීමට මේ දක්වා විසදුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පවසන්නේ.
මේ අතර රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වරාය පරීක්ෂණ අංගනය තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සදහන් කරනවා.
රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරීවරුන්ගේ සංගමය සහ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරනවා.
The post රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්රියාමාර්ගය අදත් appeared first on ITN News.