සුවසැරිය ගිලන්රථ සේවාව ලොව විශිෂ්ඨතම සේවාවක් – මාර්තිම් රෙයිසම්
සුවසැරිය ගිලන්රථ සේවාව ලොව විශිෂ්ඨතම සේවාවක් බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්තිම් රෙයිසම් මහතා පවසනවා.
1990 සුවසැරිය සේවාව ලොව ඇති නොමිලේ සේවා ලබා දෙන ඩිජිටල් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ද වේගවත්ම ගිලන්රථ සේවාවක් බවයි මාර්තිම් රෙයිසම් මහතා පවසන්නේ.
එම සේවාව ගෝලීය තත්ත්වයේ ගෞරවාදර සේවාවක් බවට පත්කිරීමට නිරන්තරයෙන් කැපවන සුවසැරිය කාර්ය මණ්ඩලයට හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට තම ස්තූතිය පුද කරන බවයි ලෝක බැංකු දකුණු ආසියානු කලාප උප සභාපතිවරයා සුවසැරිය ඇගයීමට ලක් කරමින් පළකළ ලිපියේ සදහන් වන්නේ.
The post සුවසැරිය ගිලන්රථ සේවාව ලොව විශිෂ්ඨතම සේවාවක් – මාර්තිම් රෙයිසම් appeared first on ITN News.