වර්ජනයක් ගැන රජයේ ඖෂධවේදීන්ගේ තීරණය කුමක් වෙයිද?
රජයේ ඖෂධවේදීන් හෙට දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබු වැඩවර්ජනය සම්බන්ධයෙන් තම සංගමයේ විධායක සභාව රැස්වී තීරණයක් ගන්නා බව එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසනවා.
ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ බව ප්‍රකාශ කළා.
උපාධියක් සහ වසර 4ක පුහුණුවක් සහිතව ඖෂධවේදීන් බදවා ගැනිම මෙතෙක් කළ ක්‍රමවේදය බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
එම ක්‍රමවේදයෙන් බැහැරව වසරක පුහුණු කාලයක් පමණක් අවසන් කළ පිරිස් ඖෂධවේදීන් ලෙස බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඖෂධවේදීන් විරෝධය පළ කරනවා.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග ඔවුන් අද සාකච්ඡාවක් ද පැවැත්වුවා.
අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වු අතර ඊට ඖෂධ සංයෝජකවරුන් පිරිසකගේ විරෝධය එල්ල වීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය හෙට දිනයේ වැඩවර්ජනයක් ක්‍රියාත්ම කිරීමට ද සැලසුම් කර තිබුණා.
විධායක සභාව රැස් වී ඒ සම්බන්ධයෙන් වන තීරණයක් ගන්නා බවයි එම සංගමය පවසන්නේ.
The post වර්ජනයක් ගැන රජයේ ඖෂධවේදීන්ගේ තීරණය කුමක් වෙයිද? appeared first on ITN News.