මත්පැන් බෝතල් ලෙස හදලා රත්තරන් පුරවලා
රුපියල් කෝටි 10ක් වටිනා රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුණායක දී රේගු අත්අඩංගුවට ගනු ලැබුවා.
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසකට ලැබුණ තොරතුරකට අනුව ඩුබායි සිට මෙරටට පැමිණි මගීන් දෙදෙනෙකු පරීක්ෂාවට ලක්කළා.
එහිදී විදේශීය මත්පැන් බෝතල් ලෙස සකස් කළ ඇසුරුමක් දක්නට ලැබුණු අතර එය පරීක්ෂා කිරීමේදී කිලෝග්‍රෑම් 5කට ආසන්න ස්වර්ණාභරණ තොගයක් තිබී සොයා ගැණුනා.
මාල / මළලු / කරාඹු / අත්පළදා ආදිය මීටඇතුළත් අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා යාපනය සහ අම්බලන්ගොඩ පදිංචිකරුවන්.
ආදායම් අධීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ එල් කේ එච් ඩී කේ ආරේවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
The post මත්පැන් බෝතල් ලෙස හදලා රත්තරන් පුරවලා appeared first on ITN News.