ශ්රී ලංකන් යානයක් හදිසියේ ගොඩ බස්වයි
විනාඩි 40ක ගුවන් ගමනකින් පසු ශ්රී ලංකන් යානයක් කටුණායක ගුවන් තොටුපල වෙත හදිසියේ යළි ගොඩබස්වා තිබෙනවා.
ඉන්දියාවේ බැංගලෝර් බලා අද අලුයම ගමන් ගත් ගුවන් යානයකුයි මෙලෙස හදිසි ගොඩබෑමකට ලක්කෙරුණේ.
ඒ වනවිට මගීන් 85 දෙනෙකු එහි ගමන් කරමින් සිටියා.
යානය කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙලෙස හදිසියේ ගොඩබෑමට සිදුවූ බව ශ්රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානී දීපාල් පෙරේරා මහතා පැවසුවේ.
අදාළ මගීන් පිරිස විකල්ප යානා මගින් බැංගලෝරයට යැවීමට පියවර ගෙන තිබුණා.
The post ශ්රී ලංකන් යානයක් හදිසියේ ගොඩ බස්වයි appeared first on ITN News.