ලංගම බස් රථයක් පෙරළෙයි
මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මාතලේ, කොහොලන්වල ප්රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
අදාළ ලංගම බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවද සඳහන්.
අනතුර හේතුවෙන් යාබද පිහිටි තාප්පයකට මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි රැහැන් හා දුරකතන රැහැන් රැසකට ද හානි සිදුව තිබෙනවා.
අනතුර හේතුවෙන් තුවාල ලැබුවන් නාලන්ද රජයේ රෝහලට,දඹුල්ල රජයේ රෝහලට සහ මාතලේ මුලික රෝහල්වලට යොමු කර තිබෙනවා
The post ලංගම බස් රථයක් පෙරළෙයි appeared first on ITN News.