ගරුසරු වැඩසටහනේ තවත් වැඩසටහනක් පොළොන්නරුවේදී
මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලු දෙනාගේ ශ්රමයට ගරුත්වයක් ලබාදීමට ආරම්භ කළ ගරුසරු වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා පොළොන්නරුව මහජන ක්රීඩාංගනයේදී අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් සංවිධානය කළ “ජයගමු“ ශ්රී ලංකා වැඩසටහන සමගාමීව පැවැත්වුණා.
ජයගමු ශ්රී ලංකා වැඩසටහන මගින් කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය යටතේ පවතින ආයතන වල සේවාවන් ජනතාව වෙත ගෙනයාමට අපෙක්ෂා කරයි.
මෙරට අවිධිමත් අංශයේ රැකියා කරනු ලබන සියලුදෙනාගේ ශ්රමයට ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලබාදීමට ගරුසරු වැඩසටහන් ආරම්භ වූ අතර එමගින් සමස්ථ ශ්රම බලකායට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීමට අපෙක්ෂිතයි.
මෙම අවස්ථාවේදී අවිධිමත් අංශයේ රැකියා වල නිරත පිරිසට තම කුසලා සහතික කරගැනීමට අවශ්ය සහතික ලබා ගැනීමට පහසුකම්ද සලසා දී තිබුණු අතර එමගින් ඔවුන්ට දේශීය සහ විදේශීය රැකියා අවස්ථා සොයාගැනීමට අවකාශය උදාකරදීම අපෙක්ෂා කරයි.
The post ගරුසරු වැඩසටහනේ තවත් වැඩසටහනක් පොළොන්නරුවේදී appeared first on ITN News.