හොර පාරෙන් ගවයින් ප්රවාහනය කළ දෙදෙනෙකුට වැඩ වරදී
නීති විරෝධීව ඉතාමත්ම හිංසාකාරි ලෙස මී ගවයින් ප්රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට තිබෙනවා.
ඒ මොණරාගල දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ හදිසි රථ වාහන පරික්ෂාවකදීයි.
සැකකරුවන් වැල්ලවාය හදපානාගල ප්රදේශයේ සිට අක්කරෙයිපත්තු ප්රදේශය දක්වා මෙම ගවයින් ප්රවාහනය කර ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අක්කරෙයිපත්තු ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 37/31 යන වයස් වල පසුවන්නන් වන අතර සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
The post හොර පාරෙන් ගවයින් ප්රවාහනය කළ දෙදෙනෙකුට වැඩ වරදී appeared first on ITN News.