මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
දුම්රිය පීළිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා පැමිණ තිබෙනවා.
කොළඹ කොටුවේ සිට දකුණ කළුතර බලා ධාවනය වු සීඝ්රගාමි දුම්රියක් ඊයේ රාත්රී 7.15ට පමණ පීළිපැනීමකට ලක්වුණා.
ඒ කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්රදේශයේදීයි.
මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිර වු අතර දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කිරීමටයි කටයුතු කෙරුණේ.
අද උදෑසන කොළඹ දක්වා ධාවනය වු දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කර වීමට කටයුතු කර තිබුණා.
පීළිපැණීමට ලක්වු දුම්රිය පීළිගත කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
The post මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා appeared first on ITN News.