ඖෂධවේදීන්ගේ වර්ජනයෙන් රෝගීන් අමාරුවේ
ඖෂධවේදීන්ගේ වැඩවර්ජනයක් හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
සිය ඉල්ලීම් දිනා ගැනීමට තම ජීවිත අනතුරේ හෙලීම බලවත් අසාධාරණයක් බවයි රෝගීන් පවසන්නේ.
රජයේ රෝහල්වල ඖෂධවේදීන් අද පෙරවරු 8 සිට හෙට උදෑසන 8 දක්වා පැය 24ක වැඩ වර්ජනයක් ක්රියාත්මක කර තිබෙනවා.
උපාධිධාරී ඖෂධවේදීන් 900ක් පමණ පුහුණුව අවසන්කර සිටියදී ඔවුන් බඳවා ගැනීම වෙනුවට කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඒ සඳහා පුහුණු කරමින් සිටින බවට ඔවුන් චෝදනා කරනවා.
ඖෂධ සංයෝජකයින් බඳවා ගැනීමටද විරෝධය පළ කරමින් වර්ජනය ක්රියාත්මක කළ බවයි රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසන්නේ.
ඖෂධවේදීන් වැඩවර්ජනයක නිරතවීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල ඖෂධ නිකුත් කරන කවුලු වසා දමා ඇති ආකාරය දැකගත හැකිවුණා.
මේ අනුව වෛද්යවරුන් නිර්දේශ කරන ඖෂධ වට්ටෝරු ලබාගැනීමට නොහැකිව තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි රෝගීන් පවසන්නේ.
පෞද්ගලික ඔසු සැල් වලින් ඖෂධ ලබාගැනීම තබා මග වියදම හෝ සලසා ගත්තේ ඉතා අපහසුවෙන් බවයි දුර බැහැර සිට රෝහල් කරා පැමිණ සිටි රෝගීන් සඳහන් කළේ.
The post ඖෂධවේදීන්ගේ වර්ජනයෙන් රෝගීන් අමාරුවේ appeared first on ITN News.