අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක්
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය අනුප පස්කුවල් මහතා පවසනවා.
පශු සම්පත් අමාත්යාංශය හරහා කළුතර සහ කුරුණෑගල දිස්ත්රික් කේන්ද්ර කරගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්යාපෘති 10,000ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළා.
සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
The post අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් appeared first on ITN News.