වියට්නාමයේ ජනාධිපතිගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගනී
වියට්නාමයේ ජනාධිපති Vo Van Thuongගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබෙනවා.
එරට ජනාධිපති ලෙස පත්වූ Vo Van Thuong වසරක් පමණක් ගතවීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයක්.
Vo Van Thuong ජනපති පක්ෂයේ විශ්වාසය පළුදුවන අයුරින් වැඩකටයුතු සිදුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොමියුනිස්ට් පක්ෂය පවසනවා.
එමගින් පක්ෂයේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුව ඇති බවද වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය සඳහන් කර තිබේ.
The post වියට්නාමයේ ජනාධිපතිගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගනී appeared first on ITN News.