තවත් සැකකරුවන් 881ක් අත්අඩංගුවට
ඊයේ දිනයේ දී සිදුකළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 867 දෙනෙකු හා සැකකාරියන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම් 883 කදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් 58 දෙනෙකුට රැඳවුම් නියෝග ලබා ගනිමින් වැඩිදුර විමර්ෂණ සිදුකිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකරුවන් 20 දෙනෙකුගේ වත්කම් විමර්ෂණය කිරීමට නියමිත අතර 29 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඊයේ දිනයේ දී හෙරොයින් ග්රෑම් 212 ක් , අයිස් මත්ද්රව්ය ග්රෑම් 165ක්, ගංජා ග්රෑම් 777ක් පොලිසිය භාරයට ගත් බවයි පොලිස් මාධ්ය කොට්ඨාශය සඳහන් කරන්නේ.
The post තවත් සැකකරුවන් 881ක් අත්අඩංගුවට appeared first on ITN News.