ත්රස්තවාදීන් අනුකම්පා විරහිතව විනාශ කළ යුතුයි – රුසියා හිටපු ජනපති
ත්රස්තවාදීන් අනුකම්පා විරහිතව විනාශ කළ යුතු බව රුසියා හිටපු ජනාධිපති දිමිත්රි මෙද්වෙදෙව් පවසනවා.
ක්රොකස් සිටි හෝල් ප්රහාරය සම්බන්ධයෙන් රුසියානු හිටපු ජනාධිපතිවරයා ප්රතිචාර දක්වා තිබෙනවා.
මොස්කව් ප්රසංග ශාලාවක සිදුවූ ත්රස්ත ප්රහාරයේ අපරාධකරුවන් සහ සංවිධායකයින්ට අනුකම්පාවකින් තොරව දඬුවම් කළ යුතු බව ඔහු කියා සිටිනවා.
මෙද්වෙදෙව් දැනට රුසියා ජාතික ආරක්ෂක කවුන්සිලයේ උප සභාපතිවරයා ලෙසයි කටයුතු කරන්නේ.
මෙවැනි සාහසික ක්රියාවක් කළ රාජ්ය නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාම ත්රස්තවාදීන් ලෙස හඳුනාගෙන අනුකම්පා විරහිතව ඔවුන් විනාශ කළ යුතු බව කියා සිටිනවා.
මේ අතර පසුගිය සතියේ ඇමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව, රුසියාවේ පිහිටි සිය තානාපති කාර්යාලය හරහා ඇමෙරිකානුවන්ට දැනුම් දී තිබුණේ විශාල රැස්වීම්, ප්රසංග හා සාප්පු සංකීර්ණවලට යාමෙන් වලකින ලෙසටයි.
The post ත්රස්තවාදීන් අනුකම්පා විරහිතව විනාශ කළ යුතුයි – රුසියා හිටපු ජනපති appeared first on ITN News.