How can Sri Lankan charities find international donors and partners?

අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්ය වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබේ

- itnnews.lk

ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉදිරි පියවරට සුදුසුකම් ලැබීම ජයග්රහණයක් බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (2024.03.22) අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

ඉදිකිරීම් අවසන් වන විට මෙම සය මහල් නව ශල්ය වාට්ටු සංකීර්ණය ඇඳන් 600 කින් සමන්විත වන අතර නවීන ශල්යාගාර 8 කින් සමන්විත වෙයි.

කොළඹ, රත්නපුර, කෑගල්ල දිස්ත්රික්ක වලට සෘජුව සෞඛ්ය සේවා සපයන අවිස්සාවේල්ල රෝහල ගඟෙන් එගොඩ සහ මෙගොඩ ගම්පහ දිස්ත්රික්කයේ සහ කළුතර දිස්ත්රීක්ක වල ජනතාවටත් උසස් සෞඛ්යය සේවයක් සපයනු ලබයි.

එහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා –

“රෝග වැළැක්වීම හා නිවාරණයට සහ මුළු මහත් සමාජයට දායාද කරන ගමනකට මහා ජයග්රාහී පියවරක් ලෙස මෙම නව රෝහල් සංකීර්ණය ඉදිකිරීමෙන් සිදුවෙනවා.

පසුගියදා ජාත්යන්තර මූල්ය අරමුදලෙ නියෝජිතයින් හමුවුණා.

ශ්රී ලංකාව දැන් දියුණුවට ගමන් කිරීමේ යම් ස්ථාවර මාර්ගයකට පැමිණ තිබෙන බැවින් ඔවුන් සතුට ප්රකාශ කළා.

ඒ අනුව ඉදිරි මූල්ය සහයෝගය ජාත්යන්තර මූල්ය අරමුදලෙන් නිකුත් කරන්න එකඟයි කියලා ඔවුන් කිව්වා.

ඉදිරි විධායක සභාවෙදී අපි හොඳින් හැසිරී තිබෙන බව ප්රකාශ කරයි.

අමාරුකම තියෙන්නේ අපිටයි.

ඒ අමාරුකම නිසාම අපි හොඳින් හැසිරුණු රටක්.

බොහොම ගැඹුරින් අපේ කටයුතු කළමනාකරණය කළා.

ඒ නිසා ශ්රී ලංකාව සුදුසුකම් ලබනවා ඒ ඉදිරි පියවරට යන්නට.

එය මුළු මහත් රටටම ජයග්රහණයක්.

අප විවෘත කරන ගනුදෙනු පත්ර වලංගු නැහැ කියලා ප්රකාශ කළා.

බොහොම අමාරුම තත්ත්වයක්.

පළමුව අපි එයින් ගොඩ එමට හැකි විශ්වාසය ඇති කළා.

එයින් පසු අද වනවිට ක්රමානුකූල ප්රගතියකට පත්වෙලා තිබෙනවා.

මේ අවුරුදු දෙක තුළ මූල්ය අර්බුදයකට ලක්වූ රට යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජයට හැකි වුණා.

ප්රගතියේ බලාපොරොත්තු සෑම සමාජයක් තුළම තිබෙනවා.

කිසිම සමාජයක් කවදාවත් සතුටු වෙන්නෙ නැහැ.

සතුට අනාගතයයි.

ඒ සඳහා අප වැඩ කරන්න ඕනේ.

එය ලෝකයේ සෑම රටකම තිබෙන බලාපොරොත්තුවක්.

අපේ රට මේ අමාරු තත්ත්වයෙන් ගොඩගෙන අද ආර්ථික වර්ධන වේගයකට ගෙනවිත් තිබෙනවා.

ඒ නිසා ඉදිකිරිම් පටන්ගත් රෝහල් ගොඩනැගිලි නිම කිරීමේ අවස්ථාවට දැන් පැමිණ තිබෙනවා.

විවිධ සේවාවන් සඳහා පැවැති අඩුපාඩුකම් සඳහා අයවැය ලේඛනයේ මූල්ය ප්රතිපාදන වැඩිකර තිබෙනවා.

ඒ අතර අධ්යාපනය සහ සෞඛ්ය ක්ෂේත්රය අති සුවිශේෂයි.

අවිස්සාවේල්ල රෝහල අනිවාර්යයෙන් දියුණු විය යුතු රෝහලක් හැටියට ලකුණු කරලා අවුරුදු ගණනාවක් ගත වෙනවා.

මගේ ආදරණීය මව පාර්ලිමේන්තු මන්ත්රීවරියක් හැටියට නමසිය පනස් දෙකේ මේ රෝහල ලබා ගැනීමේ ආරම්භක පියවරට හවුල් වුණ බව සිහිපත් කරනවා.

මගේ ආදරණීය පියා කර්මාන්ත අමාත්යවරයා වශයෙන් මෙම රෝහල සංකීර්ණය නිම කිරීමට එදා සෞඛ්ය ඇමතිතුමා සමඟ එක්ව කටයුතු ආරම්භ කළ හැටි මෙතන ඉන්න සියලු දෙනා දන්නවා.

දැනුත් මේ රෝහලේ විශාල තදබදයක් තිබෙනවා.

ඒ වගේම අඩුපාඩුකම් තිබෙනවා.

ඒවා සම්පූර්ණ කර ගැනීමට සෞඛ්ය අමාත්යවරයා සමඟ කළ විශේෂ සාකච්ඡාවේදී එකඟතාවය පළ කළා.

මම සහ යදාමිණි ගුණවර්ධන මන්ත්රීතුමා අපේ විමධ්යගත අරමුදලින් රෝහලේ තවත් නවීන ප්රතිකාර යන්ත්රයක් ලබාදීමට නිර්දේශ කර තිබෙනවා.

ඉදිරි මාසය හෝ දෙක ඇතුළත එය ලබා දෙන්න පුළුවන්.

අනෙකුත් ප්රදේශවල පවතින කුඩා රෝහල්වලටත් උපරිම ප්රයෝජනය ගත හැකි පරිදි අවිස්සාවේල්ල රෝහල දියුණු කිරීමට අපි සියලු දෙනා එකතු වී වැඩ කළ යුතුයි.

රෝහල අයිති සෞඛ්ය අමාත්යාංශයට කියලා අහක බලා ගන්නේ නැතුව නගර සභාව රෝහල ආවට සම්පූර්ණ පවිත්රතාවය වෙනුවෙන් සහයෝගය ලබාදෙන්න.

සීතාවක නගර මධ්යය දියුණු තත්ත්වයකට පත් කරන්න ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා.

එහි වැඩ කටයුතු ඉතාම ඉක්මනින් ආරම්භ කරනවා.

සීතාවක නගරය අපේ රටේ තවත් කේන්ද්ර නගරයක් ලෙස දියුණු කිරීමේ සඳහා වූ ගමනට ඒ ශක්තිය එකතු වෙනවා ඇති.

රජයේ දෙපාර්තමේන්තු පමණක් නොව සීතාවක පුරවැසි පුද්ගලික අංශයටත් ඒ අවස්ථාවන්ට සහභාගී වන්නට පුළුවන්.

අද වෙනදට වඩා තොරතුරු තාක්ෂණය දියුණුයි.

තොරතුරු තාක්ෂණය සම්පූර්ණයෙන් භාවිතා කරමින් ලෝකයේ අනිත් රටවල සෑම ක්ෂේත්රයක්ම දියුණු කරමින් තිබෙනවා.

වෛද්ය හා ශල්ය ක්ෂේත්රය තොරතුරු තාක්ෂණයත් සමඟ ඒකාබද්ධ වී විශාල දියුණුවක් ලබා තිබෙනවා.

අදියරෙන් අදියර නිමවෙන අවිස්සාවේල්ල රෝහල අපේ පළාතට, අපේ දිස්ත්රික්කයට, රත්නපුර, කෑගල්ල දිස්ත්රික්ක වලට සහ ගඟෙන් එගොඩ සිට සමහර අවස්ථා වලට පැමිණෙන ගම්පහ දිස්ත්රික්කයේ ජනතාවටත් උසස් සෞඛ්යය සේවයක් ලබා ගැනීම සඳහා තවත් ජයග්රහණයක් බවට පත්වෙනවා.”

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්රී යදාමිණී ගුණවර්ධන, රාජ්ය පරිපාලන අමාත්යංශ ලේකම් ප්රදීප් යසරත්න, කොළඹ දිස්ත්රික් ලේකම් කේ. ජී. විජේසිරි, අවිස්සාවේල්ල දිස්ත්රීක් රොහල් අධ්යක්ෂ ඔසඳ වෙල්ලාල ඇතුළු රෝහල් හා සෞඛ්ය කාර්ය මණ්ඩලය සහ මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

The post අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්ය වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබේ appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Indian Coast Guard (ICG) seized 86 kg of suspected heroin worth INR 6.02 bn from a Pakistani boat, which was on its way to Sri Lanka via Tamil Nadu, off the Porbandar coast in Gujarat and arrested 14 crew members on Sunday.

- adaderana.lk

Around 10% of Sri Lanka s population is diagnosed with Chronic Kidney Disease, the Chief Patron of All-island Kidney Patients Association Nephrologist Sanjaya Heiyanthuduwa says.

- onlanka.com

The Sri Lankan government plans to increase the interest rate of the Employee’s Provident Fund (EPF) from the existing 9 percent to 13 percent, effective from 2013.The post Sri Lanka set to increase EPF interest rates to 13% appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- colombogazette.com

Virtusa Corporation, a global provider of digital engineering and IT services, proudly hosted the first-ever LinkedIn (LI) community event in Sri Lanka, dubbed “Connect Colombo.” The landmark event took place at the Courtyard by Marriott, marking a significant milestone in the country’s professional networking landscape. Bringing together over 200 industry leaders and mid to seni...

- colombogazette.com

Rallies have taken place across Australia in response to a wave of recent violence against women. Demonstrators want gender-based violence to be declared a national emergency and stricter laws put in place to stop it. Prime Minister Anthony Albanese said the issue was a national crisis. In Australia, a woman has been killed on average […]

- colombogazette.com

“After 2009, everything changed. Now the rule is, if I go to your house, read some Quran, pray together, and the government finds out, you go to jail.” That’s how the Freedom House had quoted Barna, a Uighur woman from Xinjiang who had been living in the United States since 2015. In the backdrop of […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc