How can Sri Lankan charities find international donors and partners?

කෘත්රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්ය ක්ෂේත්රයට එක්කරගත යුතුයි – ජනපති

- itnnews.lk

මෙරට පුහුණු වෛද්යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30 – 40ත් අතර ප්රමාණයක් රට හැර යාම සිදුවන බවත්, එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළා.

ලොව ගුණාත්මක සෞඛ්ය සේවාවක් ඇති මෙරට සෞඛ්ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්රශස්ත අයුරින් දායක කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (22) පස්වරුවේ එක් වෙමින්.

මෙරට වෛද්ය සහ හෙද අවශ්යතාවය සපුරාලීම සඳහා වාර්ෂික බඳවා ගැනීම් ඉහළ නංවන ලෙස තමා ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට ද උපදෙස් දුන් බවත්, එම පුහුණු කිරීම් සඳහා අවශ්ය පහසුකම් ප්රවර්ධනය කළයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

හරිත සරසවියේ වෛද්ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ අයිතිය ලබා දී තිබෙන බවත් “ලයිසියම් කැම්පස්” ද එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම කෘත්රීම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය මෙරට සෞඛ්ය ක්ෂේත්රයට එක් කර ගනිමින් නවීන වෛද්ය ක්රමයක් පවත්වාගෙන යාම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළා.

යාපනය සහ පේදුරු තුඩුව ජනතාව වෙනුවෙන් මෙම වෛද්ය පහසුකම් සලසාදීම පිළිබඳව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙහිදී නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කළා.

හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය, මූලික සත්කාර ඒකකය, විකිරණ අංශය (x-ray, ultrasound scanner සහ CT ස්කෑනරය), දැඩි සත්කාර ඒකකය, ශල්යාගාරය, නොමේරු ළදරු සත්කාර ඒකකය, ශල්ය වාට්ටුව, මාතෘ වාට්ටුව, වඳ සත්කාර ඒකකය, ඩයලිසිස් ඒකකය, රසායනාගාරය ඇතුළු පේදුරු තුඩුව මූලික රෝහලේ සංවර්ධන කටයුතු සඳහා නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්රමය යටතේ රුපියල් බිලියන 04ක් ලබා දී තිබෙනවා.

සමරු ඵලකය නිරාවරණය කර “හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය” විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතාබහක ද නිරත වුණා.

අනතුරුව පැවති උත්සව සභාවේ දී ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හොබැක් (Bonnie Horbach) මහත්මියට සහ VAMED ආයතනයේ කළමණාකරන අධ්යක්ෂ Paul de Bruin මහතාට සමරු සිහිවටන පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්වුණා.

මෙම උත්සව සභාව ඇමතූ රාජ්ය අමාත්ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළේ පේදුරුතුඩුව මූලික රෝහලේ මෙම සංවර්ධන කටයුතු උතුරු පළාතේ සෞඛ්ය සේවාවේ ප්රගතියේ සුවිශේෂි සන්ධිස්ථානයක් බවයි.

DRIVE”ව්යාපෘතිය යටතේ ඒ වෙනුවෙන් අවශ්ය මූල්යමය ණය ආධාර, සහය සහ උපකාර ලබාදුන් නෙදර්ලන්ත රජයටත්, ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයටත් ස්තූතිවන්ත වන බව රාජ්ය අමාත්යවරිය සඳහන් කළා.

පේදුරුතුඩුව මූලික රෝහල වෙත ලැබී ඇති මෙම නවීන සෞඛ්ය සේවා පහසුකම් රටේ සෞඛ්ය සේවාවේ දියුණුව වෙනුවෙන් කාර්ක්ෂමව හා ඵලදායීව ප්රයෝජනයට ගත යුතු බව මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් මහත්මිය සඳහන් කළා.

එසේම මෙම රෝහල ජනතා යහපත වෙනුවෙන් උපරිමයෙන් ප්රයෝජනයට ගැනීමට හැකි සෑම ආකාරයකින්ම එක්ව කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය උතුරු පළාත් සෞඛ්ය බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

නෙදර්ලන්ත තානාපතිනි බොනී හොබැක් (Bonnie Horbach) මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ සියලුම ශ්රී ලාංකීක ජනතාවට සමාන අයිතිවාසිකම් ලබා දීම සහ ප්රවර්ධනය කිරීම සංහිඳියාවේ කොටසක් බවත්, එය සෞඛ්යය සහ ආරක්ෂාව වැනි මූලික අයිතිවාසිකම් වලින් ආරම්භ වන බවයි.

මීට වසර හයකට පමණ පෙර උතුරු පළාතේ රෝහල් හතරක් සංවර්ධනය කිරීම වෙනුවෙන් VAMED ආයතනය සෞඛ්ය අමාත්යාංශය සමඟ ගිවිසුමකට අත්සන් තැබු බව සිහිපත් කළ තානාපතිනිය මෙම රෝහල් හතර ගොඩනැංවීම සඳහා ඇස්තමේන්තුගත මුළු වටිනාකම යුරෝ මිලියන 16ක් බවත්, එම යුරෝ මිලියන 16න් 25%ක් එනම් යුරෝ මිලියන 4ක් ප්රදානයක් ලෙස ලබා දීමට තීරණය කළ බවත් සඳහන් කළා.

අමාත්ය ඩග්ලස් දේවානන්ද, රාජ්ය අමාත්යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්රී ධර්ලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්ය අමාත්ය විජයකලා මහේෂ්වරන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යේඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර අළෙවිකරණ අවස්ථා පහසු කිරීම සඳහා වෙබ් යෙදුම් නිර්මාණය කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය අදාළ අමාත්යාංශ හා දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් උපදෙස් අනුව නිර්මාණය කර ඇති “ෆාම් ටු ගේට්” වෙබ් යෙදුම දියත් කිරීම ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (22) පළාලි ගුවන් හමුදා කඳවුරේදී සිදු වුණා.

මෙරට ගොවීන් සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් විශාල වෙළෙඳපොළ වෙත ප්රවේශ වීමේදී ඔවුන් වෙහෙස මහන්සි වී ලබාගන්නා ඵලදාව සඳහා හොඳම මිලක් සහ ප්රතිලාභ ලබා ගැනීමට “ෆාම් ටු ගේට්” වේදිකාවක් වනු ඇති අතර කුඩා ගොවීන්, ගෙවතු වගා කරුවන් සහ කුඩා කර්මාන්ත ව්යවසායකයින් අතරමැදියන්ගේ බලපෑම්වලින් තොරව සෘජුවම පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ කරමින් සවිබල ගැන්වීම මෙමඟින් සිදු කෙරෙනවා.

The post කෘත්රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්ය ක්ෂේත්රයට එක්කරගත යුතුයි – ජනපති appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Colombo High Court on Friday (30) acquitted and released former minister Mahindananda Aluthgamage from the money laundering case filed against him.

- adaderana.lk

The Appeals Court has deferred its decision on the writ application filed by former Health Minister Keheliya Rambukwella challenging the remand order issued by the Maligakanda Magistrate.

- adaderana.lk

MP Patali Champika Ranawaka arrived at the Criminal Investigation Department (CID) on Tuesday morning (30).

- colombogazette.com

Janashakthi Group (JXG), the title sponsor of the “Battle of the Golden Blues,” proudly announces the conclusion of the first-ever big match between St. Joseph Vaz College, Wennappuwa and St. Anthony’s College, Wattala. Held on April 26th  and 27th 2024 at the P. Saravanamuttu International Cricket Stadium, the match concluded with a gripping draw, showcasing […]

- colombogazette.com

A serving UK Metropolitan Police officer has been found guilty and sentenced for assaulting an innocent man, originally from Sri Lanka, after mistaking him for a criminal. The Met Police officer has been given a 12-week suspended sentence for assaulting the man he thought was the perpetrator of a crime rather than the victim. PC […]

- colombogazette.com

A fake TV executive, originally from Sri Lanka, has been sentenced to two years jail in Australia over “highly sexual phone calls”, the Australian media reported. Gerard Cecil Vamadevan, 56, had reportedly made hundreds of harassing phone calls, telling one mother he would “rape her daughter and cut her into pieces”. Vamadevan was sentenced in […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc