විෂ මත්ද්රව්ය වැටලීම්වලින් 923 දෙනෙකු අත්අඩංගුවට
විෂ මත්ද්රව්ය වැටලීම් සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්රියාත්මකයි.
එහිදි ඊයේ දිනය තුළ පමණක් සැකකරුවන් 923 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විෂ මත්ද්රව්ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලය මර්දනය කිරිමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි මෙම වැටලීම් ආරම්භ කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදායි.
එය අඛණ්ඩව ක්රියාත්මක කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.
ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 912 දෙනෙකු හා සැකකාරියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් 35 දෙනෙකු රදවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තවත් සැකකරුවන් 11 දෙනෙකු පුනරුත්ථාපන මධ්යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අයිස් , හෙරොයින් ,ගංජා ඇතුලු මත්ද්රව්ය රැසක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර වලස්මුල්ල ප්රදේශයේ බෙදා හැරීමට සූදානම් කර තිබු වියලි ගංජා තොගයක් සැකකරුවෙකු ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
නිවසක් පිටුපස වල දමා තිබු මෙම ගංජා තොගය කිලෝ ග්රෑම් 3යි ග්රෑම් 440ක්.
සැකකරු වැඩිදුර විමර්ෂණ සඳහා වලස්මුල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.
The post විෂ මත්ද්රව්ය වැටලීම්වලින් 923 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.