හිටපු ජනපති මෛත්රීපාල අද CIDයට
පාස්කු බෝම්බ ප්රහාරය සැබෑ ලෙස සිදු කළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදු කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (25) දිනයේ පෙනී සිටින බව දැනුම් දී තිබෙනවා.
ඊයේ (24) මහනුවරදී අදහස් දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ එම ප්රකාශය අනුව ඉදිරි විමර්ශන සිදු කෙරෙන බවයි.
පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා විසින් කළ මෙම ප්රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර තිබුණි.
සජබ පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතාද සිවිල් සංවිධානද මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (23) පැමිණිලි කරමින් සඳහන් කරනු ලැබීය.
The post හිටපු ජනපති මෛත්රීපාල අද CIDයට appeared first on ITN News.